Monday, February 23, 2009

ප්‍රභාකරන්ට මරණය!!!ලක්මවට සහනය!!!(?????)

අපි යුධ ජයග්‍රහණයන්ගෙන් උදම්ව සිටින්නෙමු. වසර තිහක් දික්ගැස්සුන යුද්ධයේ අභියස අපි සිටින්නෙමු. තවත් පියවර කිහිපයක් පමණි. ඉන් ඉක්බිති වසර ගණනක් අපට වද දුන් රුදුරු ත්‍රස්තවාදය සහමුලින්ම මුලින් උපුටා දැමෙනු ඇත...සාමකාමී ලංකාවක්! 2009...නිදහසේ වසරයි!

මේ තියෙන්නේ මගේ අදහස් නම් නෙමෙයි. මේ තියෙන්නේ සුවහසක් ලාංකිකයන්ගේ අදහස්. ඔවුන්ගේ පැතුම්. නමුත් යුද්ධයේ අන්ත‌ ලක්ෂයේ සිටින ලාංකික අපි මේ මොහොතේ ගන්නා උපාය මාර්ගික තීරණ නිවැරදිද?

දේශප්‍රේමයෙන් ඔද වැටී සිටින අපි එක හෙලාම "ඔව්" යැයි හඩ නගා කියනු ඇත..නමුත් සැබවින්ම පිලිතුර විය යුත්තේ "නැහැ" යන්නයි.

කාගෙද මේ මතය? ප්‍රභාකරන්ගෙද? පොට්ටු අම්මාන්ගෙද? සෝල්හයිම්ගෙද? නැහැ..මේ අදහස ලොවිතුරා බුදුරජාණන් වහන්සේගේය. මූලයකින් තොරව ප්‍රශ්නයක් නොනගින බව දේශනා කලේ උන්වහන්සේය. මූලයට පිලියම් නොකර ප්‍රශ්නයට පිලියම් දිය නොහැකි බව දෙසුවේද උන්වහන්සේය. ඉතිං, ත්‍රස්දවාදය මුලින්උපුටා දැමීමේ අරගලයකින් ලාංකේය ද්‍රවිඩ තාරුණ්‍යය නැගී සිටීමට හේතු වූ මූලයන් නිශ්ප්‍රභා කරන්නේද? නැවතත් පිලිතුර "නැහැ"..

බොහෝ දෙනෙකු LTTE නැගී සිටීම බල ලෝභී නැගී සිටීමක් ලෙස අරුත් ගන්වන්නට උත්සාහ ගනිති. කිළිනොච්චිය අල්ලා ගත් විගස පෙන්වන්නේ ප්‍රභාකරන්ගේ "සුඛෝපභෝගී නිවහනයි"..(නමුත් මේ නිවස අපේ නායකයන්ගේ සුඛෝපභෝගී නිවෙස් වලට අහලකින් තියන්නටවත් බැරිය!). අපි සැබෑ යථාර්තය යටගහන්න උත්සාහ කරමින් සිටිමු. අපි රවට්ටගන්න උත්සාහ කරගන්නේ අපි අපිවමය..මිලිටරි මාර්ගයෙන් බැහැරව ඉන්නා සංගරීලා සහ දේවානන්දලාත් ඒ බව එලිපිටම පිළිගනිති. ඇත්තෙන්ම ද්‍රවිඩ නැගිටීම පිටුපස බලලෝභියත්වයට වැඩි යමක් අතිවාර්යෙන් තිබිය යුතුමය. නැතහොත් වසර 30 ක යුද්ධයක් ඇදගෙන යාම කෙසේවත් කල නොහැක. ඉතිං මේ ගැටලුවට තිරසාර විසදුමක් දීමට එකී මූලය හදුනාගෙන ප්‍රතිකාර කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. මන්ද අප දැන් සිදුකරන්නේ ඔවුන් බලයෙන් යටපත් කිරීමක් බැවිනි.

තමන්ගේ මතය තහවුරු කිරීමට, තමන්ගේ සෑබෑ ඉල්ලීම් ලබාගැනීමට පාලන තන්ත්‍රය අභියෝගයට ලක්කල හැකි/අපහසුතාවට ලක්කල හැකි අවියක් තමන් සතුව තිබිය යුතුය. නැතහොත් එලෙස නගන හඩ නිකම්ම නිකම් පුස් හඩක් බවට පත්වේ. (කොමියුනිස්ට් පක්ෂයට ආණ්ඩුව තුල තම මතය ස්ථාවර කල නොහැක්කේ මේ නිසයි. කලක් ජ.වි.පෙ ආණ්ඩුවේ කෙරුම්කරුවෙක් වුනෙත් මේ නිසයි). දෙමළ ජනයා සම්භන්ධයෙන් LTTE කියන්නේ දෙමළ ජනයා නියෝජනය කල දැවැන්තම හඞය. අපි මේ කරුණ එලිපිට පිලිනොගත්තත් සැබෑ සත්‍ය එයයි. මන්ද ආණ්ඩුවට බලපෑම් කල හැකි මට්ටමේ තුරුම්පුවක් ඔවුන් සතු වූ බැවිනි. නමුත් නිරායුධ හෝ පැරදුන එල්.ටී.ටී.ය ක් හරහා මේ කාර්ය්‍ය ඔවුන්ගෙන් සිදුවේද? කොහෙත්ම නැහැ..
වෙන විදිහකින් කිව්වොත් යුධ ජයග්‍රහණ වලින් පසුව ආණ්ඩුව 13වෙනි සංගෝධනය ගෙනාවත්, සන්ධීය රාජ්‍යයක් ප්‍රදානය කලත්, උතුරේ ගැටලුවට තිරසාර විසදුමක් ලැබෙතැයි අපට අපේක්ෂා කරන්න බැහැ..මොකද, අපි එතැනදි ඔවුන්ට තමන්ට අවශ්‍ය විසදුම තෝරගන්න විකල්පයක් දෙන්නේ නැහැ..තමන්ගේ විරුද්ධතාව පෙන්වන්න අවස්ථාවක් දෙන්නේ නැහැ..අපි කරන්නේ අපිට ඕන විසදුම බලෙන් ඔවුන් මත පටවන එක විතරයි...

රණවිරුවන්ට ,ජනපතිට අවශ්‍යය සහය අපි දෙමු..නමුත් ජයග්‍රහණයෙන් උදම් නොවෙමු..මන්ද එය විනාශයේ මුල් පියවරම විය හැකි බැවිනි..

4 comments:

  1. කොටි සංවිධානයේ වල කපා ගත්තේ ඔවුන් විසින්මයි.පලල් විමුක්ති ව්‍යාපාරයකට වඩා එය ගොඩනැගුනෙ දෙමල ජාතිවාදී රාමුව ඇතුලෙ පුද්ගල ත්රස්තවාදී සංවිධානයක් විදිහට.ඒ වගේ සංවිධානයක් තම ප්රජාවත් සමගම නැවත වලේ වැටෙනවා මිස තමන්ගේ ප්රජාවට විශාල ජයග්රහනයක් ලබාදිය නොහැකි බවයි කොටි සංවිධානයේ අවුරුදු 30ක ඉතිහාසය උගන්වන පාඩම.ජාතිවාදය ඉක්මවා ගිය ප්රබුද්ධ විමුක්ති ව්‍යාපාරයක් උතුරින් බිහි විය යුතුව තිබෙනවා.ලංකාවට අන්තිම ජයග්රහනය ලැබෙන්නෙ ඒ වගේ resistance movement එකක් දකුනේ විමුක්ති ව්‍යාපාරයක් සමහ ඇති කරගන්න අරගලකාරී සන්ධානයක් තුලින් බවයි මගේ අදහස.කොටි සංවිධානයේ පරාජය එවැනි දේශපාලනයකට උතුරේ ඉඩ හදාදෙන නිසා එහි යම් සාධනීයත්වයක් මම දකිනවා.(හැබැයි ඒ බොහෝ දෙනා එය දකින රොමෑන්ටික් උන්මාදයෙන් නම් නෙමෙයි)

    ReplyDelete
  2. මමත් ඔය අදහසට එකඟයි, මේ ගැන මමත් දවසක් දෙකක් කිව්වා නොවැ? ඔකත් කියන්න හිටියේ මමත්!

    ReplyDelete